Info
සුබ දවසක් වේවා!
මම ශානු...., නවසීලන්තයේ ඔක්ලන්ඩ් හි පදිංචි ශ්රී ලාංකිකයෙක්.
සරල සුන්දර පුංචි දේ තුළින් සතුට සොයාගැනීමත් ඒ සතුට තව කෙනෙක්ට පුංචියට හෝ කාන්දු කරවීම තමයි මගෙ සතුට.
ජීවිතේ කොටයි තමයි ඒත් අපේ ආදරණීය සිතුවිලි, අපේ යහපත් ගතිගුණ, සුන්දර මතක, අපිට නිමාවක් නැති තරමටම දිගු කරගතහැකියි.
ජීවත් වන ටික දොහට,
එක රාමුවකට, එක තැනකට කොටු වෙලා ඔහේ සිටිනවාට වඩා....,
එතනින් චුට්ටක් එළියට ඇවිත් ලෝකය දෙස පුළුල්ව බලන්න, ලස්සනට හිතන්න, සොබාදහම විඳින්න , ආදරණීය සිතුවිලි වපුරන්න සහ පුංචිම දේ තුළත් සතුටක් දකින්න, ගත්තු පුංචි උත්සායක ප්රතිඵලයක් මේ, "Choose Joy" පිටුව වගේම "Choose Joy" චැනලය.
අපි සතුටින් සිටින්නට, විශාල සිදුවීම් සහ ආකර්ෂණීය අවස්ථාවන් බලා ඉන්න පුරුදු වෙනවාට වඩා, පුංචි පුංචි දේ තුළින් නොමිලයේම, අමිල සතුටක් සොයාගන්න වෙහෙසීමයි වැදගත්ම.
ඉතිං....
නොතැවී සිතන්නට....
විඳිමින් සැනසෙන්නට.....
නීවාඩු මොහොතක මේ පැත්තටත් ගොඩවෙන්න.
අපි එක්ව සතුට සොයා පානඟමු.
ශානු....💙
https://www.facebook.com/profile.php?id=100057735233153&mibextid=ZbWKwL
Stats
Joined Invalid Date
0 total views